
වසර 15 කට පමණ පසු වික්ටෝරියා කුලී නිවැසියන් මුහුණ දෙන බරපතලම තත්වයන් වර්තමානයේ වාර්තා වන බවට හදුනාගෙන තිබෙනවා.
නිවාස කුලී ඉහළ අගයක පැවතීම / අඩු මිලට ලබාගත හැකි කුලී නිවාස සංඛ්‍යාව අවම අගයක් ගැනීම සහ කුලී නිවාස සම්බන්ධ නීති දැඩි වීම එම ගැටලු අතර වනවා.
2020-21 මූල්‍ය වර්ෂයේදී වික්ටෝරියානුවන්ගෙන් සියයට 75 කට නිවාස කුලී ගෙවීම ගැටලුවක් නොවූ බවටයි සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් වනවිට එම ප්‍රතිශතය සියයට 54 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මේ අතර කුලී නිවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි නීති හදුන්වා දුන් පළමු ප්‍රාන්තය බවටද වික්ටෝරියා ප්‍රාන්තය මෑතකදී පත් වුණා.
