
ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී ආබාධිත ප්‍රජාව වෙනුවෙන් වැඩි පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ නියමු ව්‍යාපෘතියක් වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක කර ඇති අතර එහි දෙවැන්න බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී සමස්ත ඔස්ට්‍රේලියාව පුරා ඡන්ද මධ්‍යස්ථාන 7,000 ක් ස්ථාපිත කිරීමට නියමිතයි.

ඉන් සියයට 43 ක රෝද පුටු පහසුකම් පවතින අතර තවත් සියයට 48 ක ආබාධිත සහය පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියාව පුරා සිටින ජනතාවගෙන් මිලියන 5.5 ක් පමණ ආබාධිත තත්වයක පසුවන බවටයි හදුනාගෙන ඇත්තේ.

මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සමස්ත ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව මිලියන 18 ක්.