Search

ඔස්ට්‍රේලියානුවන්ගේ බැංකු ගිණුම්වලට ලබන 20 දා සිට අමතර මුදලක්

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට බලපාන පරිදි සමාජ ආරක්ෂණ දීමනා ගණනාවක් ලබන 20 වනදා සිට ඉහළ යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව Jobseeker – වැඩිහිටි දීමනා සහ තරුණ දීමනා මෙලෙස ඉහළ යනු ඇති.

Age Pension, Disability Support Pension & Carer Payment දීමනා ඩොලර් 4.60 කින් වැඩි කෙරෙන්නේ සති 02 කට ඩොලර් 1,149 ක් දක්වායි.

Parenting payment දීමනාව එක් අයෙකු සඳහා ඩොලර් 4 කින් ඉහළ දමා ඇති අතර සති 02 ක් සඳහා එම නව දීමනාව ඩොලර් 1,030 ක් බවට පත්වනවා.

දරුවන් නොමැති වයස අවුරුදු 22 ට වැඩි Jobseeker දීමනාලාභීන් සඳහා සති 02 ක් සඳහා ගෙවන එම මුදල ඉහළ යනු ඇත්තේ ඩොලර් 789.90 ක් දක්වායි.

සමාජ සේවා ඇමතිනී ඇමැන්ඩා රිෂ්වර්ත් පැවසුවේ 2024/25 අයවැයෙන් මේ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල ඩොලර් බිලියන 1.5 ක් බවයි.

ලබන 20 වනදා සිට ඉහළ දැමෙන සමස්ත දීමනා පිළිබඳ වැඩිදුර විස්තර මෙතැනින් – https://www.dss.gov.au/system/files/documents/2025-03/rates-list-20-march-2025-upload.pdf

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »