
ගෑස් ආනයනයට ඔස්ට්‍රේලියාව සූදානම් වන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විපක්ෂ ලිබරල් සන්ධානය පාලක කම්කරු පක්ෂයට චෝදනා එල්ල කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සැළකෙන්නේ ලොව ප්‍රධානතම ගෑස් අපනයනකරුවෙකු ලෙසටයි.
කෙසේ වෙතත් LNG ආනයනයට අදාළ යෝජනාව බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් වෙත ඉදිරිපත් කිරීමට වික්ටෝරියා කම්කරු පක්ෂ රජය සූදානම් වනවා.

ගෑස් සංචිත විශාල ප්‍රමාණයක් පැවතියද විවිධ ප්‍රමාදයන් හමුවේ මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ගෑස් සැපයුම අඩාල වෙමිනුයි පවතින්නේ.
ඒ අනුව ජනතාව අපහසුතාවයට පත් නොවීම සදහා LNG ආනයනයට පියවර ගන්නැයි වික්ටෝරියා රජය ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත් මෙය පාලක පක්ෂයේ අසමත්භාවය පෙන්නුම් කෙරෙන්නක් බවටයි විපක්ෂ ලිබරල් සන්ධානය චෝදනා කරන්නේ.