
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බ්‍රිස්බන් හි Ipswich නගරය වෙත හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද (10) රාත්‍රියේදී Bremer ගඟ ආශ්‍රිත කලාපය තුල ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.
අදාළ කලාපය ආසන්නයේ පිහිටි ප්‍රදේශවල ජනතාවට ඉන් පිටව යන ලෙසට දැනුම් දී තිබෙනවා.

Ipswich හි නගරාධිපති තෙරේසා හාඩිං මේ පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් ද සිදු කර තිබුණා.
අපේක්ෂා කරන අන්දමට අද (10) රාත්‍රී 9.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා අතර කාලසීමාවේදී එවැනි ආපදා තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද වැඩිදුරටත් සදහන්.
