
සිඩ්නි ගුවන් තොටුපළේදී තියුණු ආයුධයක් අතැතිව කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ගුවන්තොටුපළේ බස් රථයක් තුළදී මෙලෙස හැසිරී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සැකකාර පුද්ගලයාට එරෙහිව මේ වනවිට පොලිසිය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

31 හැවිරිදි වියේ පසුවන අදාළ පුද්ගලයා බසයේ ආසන ආධාරකවලටද තම අත තිබූ තියුණු ආයුධයෙන් පහර දී අලාභ හානි සිදු කර ඇති බවටයි පැවසෙන්නේ.
වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී කුඩා පිහියක් ද සොයා ගෙන තිබෙනවා.
