
වසර 03 කට පසු දුර්ලභ රක්ත සඳක් (blood moon) දැක බලා ගැනීමේ අවස්ථාවක් ඔස්ට්‍රේලියානුවන්ට ලබන සිකුරාදා දිනයේදී උදාවනවා.
එදිනට යෙදී ඇති චන්ද්‍රග්‍රහණයට සමගාමීවයි මෙම සංසිද්ධිය සිදුවන්නේ.
වෙනත් දිනවලට වඩා විශාල ප්‍රමාණයෙන් සහ රක්ත පැහැයෙන් චන්ද්‍රයා දැක බලා ගැනීමට මෙදින අවස්ථාව පවතිනවා.

සූර්ය ග්‍රහණයකදී මෙන් නොව පියවි ඇසෙන් චන්ද්‍ර ග්‍රහණයක් බැලීමද ආරක්ෂාකාරී වීම විශේෂත්වයක්.
නැවත වරක් ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍ය චන්ද්‍රග්‍රහණයක් දැක බලාගත හැකි වන්නේ ලබන සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින තුළදීයි.

ලබන සිකුරාදා විනාඩි 55 ත් 80 ත් අතර කාලයක් රක්ත චන්ද්‍රයා දැක බලා ගැනීමට ඔස්ට්‍රේලියාව පුරා සිටින ජනතාවට අවස්ථාව උදාවනවා.
එක් එක් ප්‍රධාන නගරවල ඒ සඳහා හොඳම වේලාවන් පහත පරිදියි.
Sydney – 7.13pm
Melbourne – 7.40pm
Brisbane – 6.04pm
Canberra – 7.22pm
Adelaide – 7.35pm
Darwin – 7.02pm
Hobart – 7.32pm