
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ද ආපදා ප්‍රතිසංස්කරණ දීමනාව (Disaster Recovery Allowance) ලබා ගැනීමට පාලක කම්කරු පක්ෂ රජය අනුමැතිය දී තිබෙනවා.
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද (10) උදෑසන ප්‍රකාශ කළේ ඒ සදහා අයදුම්පත් හෙට (11) පස්වරු 2.00 සිට myGov වෙබ් අඩවියට ප්‍රවේශ වීම හරහා ලබාගත හැකි බවයි.
ඒ අනුව ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ කුඩා ව්‍යාපාර හිමියන්ට සහ කුණාටුව හමුවේ ජීවනෝපායන්ට බලපෑම් එල්ල වී ආදායම් අහිමි වූ සේවකයන්ට මෙන්ම කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ටද සති 13 ක් දක්වා ගෙවීම් ලබාගැනීමට අවස්ථාව සලසා දී තීබෙනවා.

මෙම දීමනා ලබා ගැනීම සදහා MyGov සහ Centerlink වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය වනු ඇති.
ආපදා ප්‍රතිසංස්කරණ දීමනාව ලබාගැනීම සදහා සුළි කුණාටුවෙන් සෘජුවම බලපෑමක් එල්ල වූවාද නැද්ද යන්න ඔප්පු කිරීම අනිවාර්යයයි.

මෙම දීමනාව හිමි වන්නේ වයස අවුරුදු 16 ට වැඩි ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන්ට සහ විශේෂ වීසා කාණ්ඩ යටතේ සිටින සුදුසුකම් ලැබූවන්ට වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.