Search

ෆෙඩරල් මැතිවරණයෙන් පසු ඔස්ට්‍රේලියාවේ සුළුතර රජයක්?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණයෙන් පසු ඔස්ට්‍රේලියාව තුළ සුළුතර බලයක් සහිත රජයක් බිහිවිය හැකි බවට නව මත විමසුමක් ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කෙරෙහි ඇති ජනතා කැමැත්ත ද යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවටයි ඒ හරහා පෙන්නුම් කෙරෙන්නේ.

කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රාථමික ඡන්දවල (Primary Votes) සුළු වර්ධනයක් පවතින බවද හදුනාගෙන තිබෙනවා.

මෙම ජනමත විමසුමේ (Newspoll) හි ප්‍රතිඵලවලට අනුව විපක්ෂ ලිබරල් සන්ධානයට 39% ක ඡන්ද පදනමක් ගොඩනැගී තිබෙනවා.

කම්කරු පක්ෂයේ ඡන්ද පදනම ද සියයට 32 ක් දක්වා වර්ධනය කර ගැනීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ද්වී පක්ෂ පදනම පිළිබඳව සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමේදී විපක්ෂ ලිබරල් සන්ධානය වෙත සියයට 51 ක ප්‍රතිශතයක් ද පාලක කම්කරු පක්ෂය වෙත සියයට 49 ක ද ජනතා කැමැත්තක් ලැබී තිබෙනවා.

ඒ අනුව ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් පසුව බිහිවන ආණ්ඩුවට බහුතර බලයක් හිමි නොවන බවටයි අනුමාන කෙරෙන්නේ.

ඉදිරි ෆෙඩරල් මැතිවරණය මැයි මාසයේදී පැවැත්වීමට නියමිතයි.

මාර්තු 25 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැය පාලක කම්කරු පක්ෂය වෙත ඉදිරි මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් වනු ඇති.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »