Search

Champions Trophy තුන්වන වරටත් ඉන්දියාවට

මෙවර ශූරයන්ගේ කුසලානයේ ජය හිමි කර ගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 කින් පරාජයට පත් කිරීමට සමත් වීමත් සමඟයි.

මෙල්බන් වේලාවෙන් ඊයේ (09) රාත්‍රී 8.00 ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07 ක් දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 251 ක් පමණයි.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 63 ක් ද මයිකල් බ්‍රෙස්වෙල් ලකුණු 53 ක් ද රැස් කළා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වරුන් චක්‍රවර්තී සහ කුල්දීප් යාදව් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ලකුණු 252 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 ක් තුළ එම ඉලක්කය පසු කර ගියා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගවලියකදී ශූරතාවය දිනාගනු ලැබුවේ තුන්වන වතාවටයි.