Search

වාහන කොල්ලකෑමට ලක්වූ වික්ටෝරියානුවන්ට පොලිසිය දුන් අලුත්ම උපදෙස

වික්ටෝරියා පොලීසිය වාහන හිමිකරුවන් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියාව පුරා සිදුවන මෝටර් රථ සොරකම් ඉහළයාම පිටුපස තාක්ෂණික දැනුමක් ඇති කොල්ලකරුවන් කණ්ඩායමක් සිටින බවයි පොලීසිය පවසන්නේ.

මෝටර් රථවල යතුරු හිමිකරුවන් සතුව තිබියදීත් මෙවැනි සොරකම් සිදුවීම හරහා ඒ බව තහවුරු වන බව වික්ටෝරියා පොලිස් බුද්ධි අංශ ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රාන්තය තුළ සිදුවන වාහන සොරකම් වලින් පහෙන් එකක් පමණ සිදුවී ඇත්තේ වාහනයේ යතුර හිමිකරු සතුව තිබියදී විමද විශේෂත්වයක්.

වාහන සොරුන් යොදාගන්නා මෙම තාක්ෂණික මෙවලම් වලට මෝටර් රථවල ආරක්ෂක පද්ධතිය ද අභිබවා යා හැකි බවටයි හදුනාගෙන ඇත්තේ.

නවීන තාක්ෂණ ක්‍රමෝපායන් භාවිත කරමින් සිදුවන මෝටර් රථ සොරකම්වල සීග්‍ර ඉහළ යෑමක් ද මේ වනවිට පෙන්නුම් කෙරෙනවා.

තම වාහනවල ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැළකිලිමත්ව කටයුතු කරන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »