
ඔස්ට්‍රේලියාවේ දිශානතිය වෙනස් වී ඇති බවට ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.
ආර්ථික විශේෂඥයින්ගේ අදහස වී ඇත්තේ උද්ධමනය පහළ යෑම, වැටුප් වර්ධනය වීම සහ පොලී අනුපාත පහළ දැමීම වැනි ක්‍රියාවලියන් ඔස්සේ එය මැනවින් පිළිබිඹු වන බවයි.
රට තුළ ආර්ථික අවපාතයක් හෝ විරැකියා අනුපාතයේ ඉහළ යෑමක් ද නොමැතිව මෙම ප්‍රතිඵලය අත්කර ගැනීමට හැකිවීමද කැපී පෙනෙන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ආර්ථික විද්‍යාඥ සෝල් එස්ලේක් අවධාරණය කළේ ඔස්ට්‍රේලියාව මීට පෙර එවැනි ප්‍රතිඵලයක් අත්කර ගැනීමට සමත් වී නොමැති බවයි.
කෙසේ වෙතත් රටේ ආර්ථිකය තුළ පවති දරුණු ගැටළු තවමත් අවසන් වී නොමැති බවයි ඡායා භාණ්ඩාගාරික ඇග්නස් ටේලර් ප්‍රකාශ කළේ.

පසුගිය මැතිවරණයෙන් කම්කරු පක්ෂය බලයට පත්වීමෙන් පසුව රටේ ශ්‍රම ඵලදායිතාවය තුළ අර්බුද රැසක් උද්ගත වූ බවයි ඡායා භාණ්ඩාගාරිකගේ අදහස වී ඇත්තේ.