
Retinal Vein Occlusion නම් අක්ෂි රෝගී තත්වයෙන් පෙළෙන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් නව ඖෂධයක් හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ඖෂධ ප්‍රතිකාර යෝජනා ක්‍රමය යටතේ එම ඖෂධය ඔස්ට්‍රේලියානුවන් වෙත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
Vabysmo නම් මෙම එන්නත්කරණ ඖෂධය හරහා රෝගීන් විශාල පිරිසකගේ ඇස් පෙනීම වැඩිදියුණු කළ හැකි බවට හදුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ රෝගී තත්වය සම්පූර්ණයෙන් සුව කිරීමට ඊට හැකියාවක් නැහැ.
මෙම රෝගී තත්වය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ඇති විය හැකි බවටයි දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියාව පුරා මෙම රෝගී තත්වයෙන් පෙළෙන පුද්ගලයන් 20,000 ක් පමණ දැනට සිටින බව ද සදහන්.
ෆෙඩරල් රජයේ ඖෂධ ප්‍රතිකාර යෝජනා ක්‍රමය හරහා ලබා දෙන මම ඖෂධය වෙළදපොලේ මේ වනවිට පවතින අනෙකුත් ඖෂධවලට වඩා ඵලදායී වනු ඇති බව ද හදුනාගෙන තිබෙනවා.