
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුලු වී සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබෙනවා.

සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ලබන 12දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.