Search

දේශබන්දුගේ දේපළ පවරා ගන්න සූදානම් – නියෝජ්‍ය ඇමති සුනිල් වටගල කියයි

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් උසාවිය මගහරින්නේ නම් නීති ප්‍රතිපාදන මත දේපළ පවරා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

අද මෝදරදී පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

වැලිගම මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී වැලිගම පොලිසියේ නිලධාරින් තැබූ වෙඩි ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියකට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණා.

එම නියෝගයට අනුගත නොවී දේශබන්දු තෙන්නකෝන් මේ දක්වා අධිකරණය මගහැර සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව පොලිස් මූලස්ථානය විසින් ජනාධිපති ලේකම් සනත් නන්දිත කුමානායක මහතාට ලිපියක් යවමින් මේ දක්වා දේශබන්දු තෙන්නකෝන් මහතාට දී තිබෙන සියලු වරප්‍රසාද ඉවත්කරන ලෙස ඉල්ලා තිබෙනවා.

නිළ නිවසක්, නිළ මෝටර් රථයක්, ඇමති ආරක්ෂක අංශයේ හය දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දෙදෙනෙකු ගෙන් සමන්විත වරප්‍රසාද ඔහුට හිමිව තිබු බවයි සඳහන් වන්නේ.

මේ අතර  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟව සිටින ස්ථානයක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය ඉල්ලා සිටියා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »