
මෙවර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට කම්කරු පක්ෂය සමත් වී තිබෙනවා.
ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධූරය කම්කරු පක්ෂ අපේක්ෂක රොජර් කුක්ට හිමිව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ වනවිට ප්‍රකාශිත ඡන්දවලින් සියයට 61.7 ක් ගණන් කර අවසන්.

එහිදී පාලක කම්කරු පක්ෂයට ආසන 40 ක් හිමි වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් ලිබරල් පක්ෂයට හිමිවී ඇත්තේ ආසන 5 ක් පමණයි.

ඊට අමතරව National පක්ෂය වෙතද ආසන 04 ක් ලැබී තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.