
ඔස්ට්‍රේලියාවේ පිරිමින් තවමත් නිවෙස් වල කාර්යයන් සඳහා නිසි අවධානයක් යොමු නොකරන බවට සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කාන්තාවන් පිරිමින්ට වඩා නිවසේ වැඩවලදී පෙරමුණෙන් සිටින බවයි සමීක්ෂකයින් පවසන්නේ.
වැටුප් සහිත වැඩවල සිට දරුවන් රැකබලා ගැනීම, නිවසක් කළමණාකරණය කිරීම දක්වා සියලු ආකාරයේ ශ්‍රමදායකත්වයන් ගත් කළ කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව පැය 2 ක් වැඩියෙන් වැඩකරන බව දත්ත මගින් හෙළිවනවා.

වසර 20 ක පෙර සිටි කාන්තාවට වඩා දැන් කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් පූර්ණ කාලීන රැකියාවල නිරත වන බවද අධ්‍යයනයේ සඳහන්.
එබැවින් නිවසේ රාජකාරී සාධාරණව බෙදා ගනිමින් කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බවයි ව්‍යාපෘතියේ සම අධ්‍යක්ෂ මහාචාර්ය විල්කින්ස් කියාසිටියේ.
පිරිමින් ආදරණීයන් රැකබලා ගැනීම සඳහා සතියකට පැය 5.5 ක් වැය කරන විට ස්ත්‍රීන් පැය 10.7 ක් ඒ වෙනුවෙන් යොදවන බව නව සමීක්ෂණ දත්ත මගින් අනාවරණය වී තිබෙනවා.
