
රටවල් 10 ක අපරාධ රැසක් සම්බන්යෙන් අවශ්‍යව සිටි අපරාධකරුවන් 50 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇතැයි ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ පවසනවා.
වසර 4 කට පෙර ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය කියාසිටියේ.
50 වන අත්අඩංගුවට ගැනීම සිදුවූයේ වියට්නාමයේ වංචා සම්බන්ධයෙන් චෝදනා රැසක් පවතින 65 හැවිරිදි කාන්තාවකටයි.

වික්ටෝරියාවේ අත්අඩංගුවට ගැණුනු ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 83 හැවිරිදි පුද්ගලයෙකු ද පසුගියදා එක්සත් රාජධානියට පිටුවහල් කළ බවද පොලීසිය පැවසුවා.
මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, ළමා අපචාර, මුදල් විශුද්ධිකරණය හා බරපතල වංචා සඳහා දේශීයව මෙන්ම ජාත්‍යන්තර අත්අඩංගුට ගැනීමේ වරෙන්තු නිකුත්කළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියාවේ FAST (ෆාස්ට්) කණ්ඩායම අන්තර්ජාතික හස්තයක් ලෙස ක්‍රියාකරනු ලබනවා.

2025 වසරේදී FAST කණ්ඩායම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සහයෝගීව කටයුතු කරමින් සිටින බවයි ඒඑෆ්පී කමාන්ඩර් පෝලා හඩ්සන් අවධාරණය කළේ.