
ඇල්ෆ්‍රඩ් සුළිකුණාටුව අතරතුර සිදුවූ දරු ප්‍රසූතියක් පිළිබඳ බ්‍රිස්බන්වලින් වාර්තා වනවා.
(Annie Coburn) ඇනී කොබර්න් නම් බ්‍රිස්බන් කාන්තාවක් ප්‍රසූත වේදනාව හේතුවෙන් පසුගිය සිකුරාදා රාත්‍රියේ සුළි කුණාටුව සහ අධික වර්ෂාව මධ්‍යයේ මැටර් රෝහලට ඇතුලත් කර තිබුණා.
පසුව පැය 13 ක කාලයකින් අනතුරුව බිළිඳියකට උපත ලබාදීමට ඇනී කොබර්න්ට හැකිව තිබෙනවා.

ඇයගේ නම විනී ලෙස නම් තබා ඇති මෙම දෙමව්පියන් මාධ්‍ය ඉදිරියේ කියාසිටියේ පිරිමි දරුවෙකු නම් ඇල්ෆි ලෙස නම් කිරීම පිළිබඳ සලකා බලන බවයි.
මේ අතර මීට සති කිහිපයකට පෙර බ්‍රිස්බන් හි සිදුවූ තවත් නොමෙරූ පිරිමි දරු උපතක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

දරුවා ඇල්ෆි ලෙස නම් කිරීමටයි ඔහුගේ දෙමාපියන් තීරණය කර ඇත්තේ.