
ක්වින්ස්ලන්ඩ් ගුවන් තොටුපළවල් යළි විවෘත කර තිබෙනවා.
බ්‍රිස්බන් සහ ගෝල්ඩ් කෝස්ට් (Brisbane and Gold Coast) ගුවන් තොටුපළවල් නැවත විවෘත කළද පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක් තවමත් අවලංගු කර ඇති බවයි ගුවන් තොටුපළ වාර්තා පවසන්නේ.
බ්‍රිස්බන් ගුවන් ගමන් වාර 59 ක් සහ ගෝල්ඩ් කෝස්ට් ගුවන් ගමන් වාර 20 ක් ඒ අතර වනවා.

පවතින ගුවන් ගමන් වාරයන් හිද ප්‍රමාදයන් සිදුවනු ඇතැයි මගීන්ට අනතුරු අඟවනවා.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් කඩා වැටී ඇති අතර හානි වළක්වා ගැනීම සඳහා ගුවන් යානා බ්‍රිස්බන් නගරයෙන් පිටතට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉදිරි පැය කිහිපයේත් තද වැසි ඇතිවිය හැකි බැවින් ක්වින්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් හි ප්‍රදේශ රැසකට හදිසි ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.
එමෙන්ම ගිනිකොණදිග ක්විස්න්ලන්ඩ් සහ උතුරු NSW හි 243,000 ක අන්තර් ජාල බිඳවැටීම් සිදුව ඇති අතර එය යාවාත්කාලීන කරමින් සිටින බව එම සමාගම පවසනවා.
ප්‍රාන්ත දෙකෙහි පවුල් රැසක් තවමත් විදුලිය නොමැතිව සිටින බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.