
සති 3 ක රෝහල් ගතවීමෙන් පසු ප්‍රථම වරට පාප් වහන්සේගේ තත්වය යහපත් බව වතිකානුව නිවේදනය කරනවා.
උන්වහන්සේ වෙනුවෙන් සිදුකරන ප්‍රතිකාරවලින් මේ වනවිට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව එම නිවේදනයේ සඳහන්.
පසුගිය සතියේ පැවති උග්‍ර ශ්වසන අපහසුතාවය යම්තාක් සුව අතට හැරෙමින් පවතින බව වතිකානුව පවසනවා.

පෙනහළුවල වායු හුවමාරුව ( “gas exchange”) සහ රුධිරයේ ඔක්සිජන්කරණය, මෙම වැඩිදියුණුවීමට හේතුව බවද ඔවුන් කියාසිටියා.
කෙසේවෙතත් පාප් වහන්සේගේ ශ්වසන අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බව වතිකානුව අවධාරණය කරනවා.

මේ අතර ඊයේ උදෑසන ෆ්රැන්සිස් පාප් වහන්නේ දෙව් මැදුරේදී යාක්ඤා කර ඇති අතර හවස් යාමයේ විවේකව සිටි බවයි වතිකානු මාධ්‍ය අංශය සඳහන් කළේ.