Search

ඔස්ට්‍රේලියා Airport වල ආරක්ෂාව වැඩි කරයි

ඔස්ට්‍රේලියාවේ ද්විතීක ගුවන් තොටුපළ වල ආරක්ෂාව තර කිරීමට පියවර ගත ගත යුතු බව බලධාරීන් පවසනවා.

 පසුගියදා ගිනි අවියක් සහිතව වික්ටෝරියා ගුවන් යානයකට ගොඩවූ තරුණයෙකු මෙල්බන් හි Avalon ගුවන් තොටුපළේ දී අත්අඩංගුට ගැණුනා.

 ඒ හේතුවෙන් Avalon ගුවන් තොටුපළේ ආරක්ෂාව ඉහළ නැංවීමට බලධාරීන් මේ වනවිටත් කටයුතු කර තිබෙනවා.

 එමෙන්ම ගුවන් තොටුපළ ආරක්ෂාව නිසියාකාරව සිදුනොවීම පිළිබඳව ද පූර්ණ පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවයි ඔස්ට්‍රේලියා බලධාරීන් කියාසිටියේ.

 මේ අතර ද්විතීක ගුවන් තොටුපළවල පවතින කාර්ය මණ්ඩල සහ සම්පත් හිඟතාවය සඳහා අරමුදල් වැඩිකරන ලෙස ආරක්ෂක අංශ ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.

 මෙවැනි සිදුවීම් ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බවයි ගුවන් තොටුපළ බලධාරීන් අනතුරු අඟවන්නේ.