
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව වික්ටෝරියාවේ ප්‍රදේශ සහ මාර්ග වලට කාන්තා නාමයන් භාවිත කිරීමට ඇලන් කම්කරු රජය තීරණය කර තිබෙනවා.
වික්ටෝරියාවේ නව ස්ථානවල නාමයන්ගෙන් අඩකට වඩා මේ වනවිට කාන්තා නාමයන් නියෝජනය කරනවා.
එහෙත් ප්‍රාන්තය පුරා කාන්තාවන්ගේ වැඩි දායකත්වයක් ඇගයීම වෙනුවෙන් එම ව්‍යාපෘතිය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි වික්ටෝරියා රජය කියාසිටියේ.

පසුගිය වසරේ නව සමරු ස්ථාන වලින් සියයට 57 ක් කාන්තා නාම වන අතර 2023 වසරේ එය පැවතියේ සියයට 35 ක් ලෙසයි.
පසුගිය කාලයේ වික්ටෝරියා ප්‍රාන්තය පුරා ඇති මාර්ග සහ ස්ථාන වල පන්දහසකගේ නම්වලින් 1400 ක් පිරිමින්ගේ නාමයන් වන අතර ස්ත්‍රී නාම ඇත්තේ 200 ක් වීම විශේෂත්වයක්.

ඒ අනුව මෙවර නාම යෝජනා කිරීම විවෘතව මහජනයාට පවතින අතර ඒ සඳහා සෞඛ්‍ය සේවා, විද්‍යාව, කළා හෝ රාජ්‍ය සේවය වැනි ක්ෂේත්‍රවල ප්‍රජාවට සැලකිය යුතු බලපෑමක් කළ හැකි කාන්තාවන් නම් කිරීමට වික්ටෝරියානුවන්ට හැකි වනු ඇති.