
සැලසුම් කර ඇති පරිදි ලබන 25 වනදා අයවැය ඉදිරිපත් කරන බවට පාලක කම්කරු පක්ෂ රජය නැවත වරක් සහතික වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් එය නැවත අවධාරණය කර ඇති බවයි මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
ෆෙඩරල් මැතිවරණය දිනය පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය සහ මේ වනවිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත බලපා ඇති ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ලබන 25 වනදා අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක්ද පැවතුණා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සදහන් කර ඇත්තේ කුමන බාධක පැමිණියද දැනට සැලසුම් කර ඇති පරිදි ෆෙඩරල් අයවැය ලබන 25 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
මේ අතර ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථිකයට දැඩි පාඩුවක් සිදුවී ඇති බවයි විචාරකයන් තක්සේරු කර ඇත්තේ.

අගමැති ඇන්තනී ඇල්බනීස් පෙන්වා දී ඇත්තේ එම අලාභය පියවා ගැනීමට අදාළ සැලසුම්ද ලබන 25 වනදා අයවැයට ඉදිරිපත් කෙරෙන බවයි.