Search

තියුණු ආයුධවලින් වැඩ පෙන්නන වික්ටෝරියානුවන්ට වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තය තුළ Machete ඇතුලු තියුණු ආයුධ තහනම් කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වන අපරාධ රැල්ලට හේතු වී ඇති අවි ආයුධ සම්බන්ධයෙන් රජයේ ක්‍රියා කලාපය පිළිබඳ විවේචන රැසක් මීට පෙර එල්ල වී තිබුණා.

මේ හේතුවෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවද සදහන්.

මෙවැනි ආයුධ සන්තකයේ තබා ගෙන සිටින බොහෝ පිරිසක් ප්‍රාන්තය තුළ සිටින බවයි වික්ටෝරියා කාන්තා කටයුතු අමාත්‍ය Natalie Hutchins පෙන්වා දී ඇත්තේ.

එවැනි තහනම් කිරීමටම තම පූර්ණ සහාය හිමි වන බවද අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

දිනෙන් දින ප්‍රාන්තය පුරා අපරාධ ක්‍රියාකාරකම් ඉහළ යෑම මත පදනම්ව ඉදිරියේදී ඇප නීති ඇතුලු නීති රැසක් සංශෝධනය විය යුතු බවටයි විශේෂඥ මතය වී ඇත්තේ.