
පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ ආයු කාලය වැඩිවීමට හේතුව සෙවීමට නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලය කටයුතු කර තිබෙනවා.
ශරීරය තුළ පවතින වර්ණ දේහ දෙකක් වයස්ගත වීම වැළක්වීම සදහා බලපාන බවටයි විද්‍යාඥයින් තහවුරු කර ඇත්තේ.
එම වර්ණ දේහ මගින් රෝගාබාධවලින් ආරක්ෂාවීමට අවශ්‍ය ශක්තිමත් ශෛල ව්‍යුහයක් සපයනු ලබනවා.

මෙම අධ්‍යයනය සඳහා කෘමීන්, මත්ස්‍යයන් සහ ක්ෂීරපායින් ඇතුළු විශේෂ 229 ක ලිංගික වර්ණදේහ සහ ආයුකාලය පිළිබඳ දත්ත රැස්කරගෙන තිබෙනවා.
මේ අතර මිනිස් ආයු කාලය සම්බන්ධයෙන් බැඳී ඇති වෙනත් සාධක රැසක් පවතින බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල විද්‍යාඥයින් පවසනවා.

සහකරු හෝ සහකාරිය සොයාගැනීම, අනෙක් සාමාජිකයින් සමඟ ලිංගිකත්වය පිළිබඳ ඇති තරගය වැනි පීඩනකාරී ක්‍රියාවන් කාන්තාවන් තුළ බොහෝවිට දක්නට නොලැබෙන බවයි ඔවුන්ගේ මතය වන්නේ.
ලිංගිකත්වය ද ස්ත්‍රී පුරුෂ ආයු කාලය සම්බන්ධයෙන් බලපාන බවටයි හදුනාගෙන ඇත්තේ.
එමෙන්ම පිරිමි වඳුරන් සහ උකුස්සන්ගේ ආයුකාලය ගැහැණු සතුන්ට සාපේක්ෂව ඉහල මට්ටමක පවතින බවද සදහන්.
ඊට හේතුව ලෙස සැලකෙන්නේ පිරිමි උකුස්සන් හා වදුරන් සිය ගැහැණු සත්වයන්ට වඩා පැටවුමන් ආරක්ෂාකාරීව රැකබලා ගැනීමට කැප වීම බවයි නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය සඳහන් කළේ.