Search

වික්ටෝරියාවේ කාන්තාවන් සිටින නිවෙස්වලට එන අලුත්ම ජංගම රථය

ජංගම කාන්තා සෞඛ්‍ය සායන වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ගේ නිවාස වෙතම රැගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තය පුරා සිටින කාන්තාවන්ට නොමිලේ සෞඛ්‍ය සේවා සහ උපදෙස් ලබා ගැනීම තවදුරටත් පහසු වනු ඇති.

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වලට සිටින කාන්තාවන් මෙන්ම ස්වදේශික කාන්තාවන් සඳහා ද මෙම ජංගම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකසා අවසන්.

මෙම ජංගම සෞඛ්‍ය රථය නම් කර ඇත්තේ NINA ලෙසයි.

මෙමගින් ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය උපදෙස්, STD පරීක්ෂණ සහ ප්‍රතිකාර, උපත් පාලන ක්‍රම ඇතුලු විවිධ සේවා රැසක් ලබාගත හැකියි.

ඒ වෙනුවෙන් පළපුරුදු හෙද සේවකයින් මෙන්ම කාර්ය මණ්ඩලයක් ද ක්‍රියාත්මක බවයි වික්ටෝරියා රජය කියාසිටියේ.

මානසික සෞඛ්‍ය, මත්ද්‍රව්‍යයන් සඳහා ඇබ්බැහි වීම් මෙන්ම පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුවත් කිරීම් ද ජංගම කාන්තා සෞඛ්‍ය සායන මගින් සිදුකිරීම ද විශේෂත්වයක්.

කාන්තා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වික්ටෝරියා රජය වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 153 ක්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »