Search

ටොරොන්ටෝ හි සමාජ ශාලාවක දරුණු වෙඩි තැබීමක්

කැනඩාවේ, නැගෙනහිර ටොරොන්ටෝ හි ස්කාර්බරෝ නගර මධ්‍යයේ පිහිටි සාමාජ ශාලාවක වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

එම සිද්ධියෙන් අදාළ සමාජ ශාලාව තුළ සිටි පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකු වෙඩි වැදී තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වෙඩි වැදුණු පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බවද සදහන්.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 20 සිට 50 මැද භාගය දක්වා වයස්වල පසුවන්නන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම වෙඩිතැබීම පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකර ඇති අතර අදාළ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.