Search

ලංකාවට එන ඔස්ට්‍රේලියානුවන්ගේ කැපී පෙනෙන ඉහළ යෑමක්

මෙම වසරේ පළමු මාස 2 ක කාල සීමාව තුළදී මෙරටට පැමිණි සංචාරකයි සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය අපේක්ෂා කරන්නේ 2025 වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 3 ක ඉලක්කයක් ඉක්මවා යාමට හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.

පසුගිය වසරේදී බලාපොරොත්තු වූ පරිදි ශ්‍රී ලංකාව පැමිණි විදෙස් සංචාරකයින් මිලියන දෙකේ ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබීම ද විශේෂත්වයක්.

පසුගිය මාසයේදී පමණක් ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු සංචාරකයින් 8,778 දෙනෙකු පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 5 වනදා දක්වා විදෙස් සංචාරකයින් 530,746 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ඒ අතර ඉන්දීය සංචාරකයන් 84,476 දෙනෙකු ද රුසියානු සංචාරකයන් 70,000 ක් ද වනවා.

අදාළ කාලසීමාව තුළ එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 50,000 ක ප්‍රමාණයක් පැමිණ ඇති බවයි එම දත්ත වාර්තාව ඔස්සේ පෙන්වා දෙන්නේ.

මීට අමතරව ජර්මනිය, ප්‍රංශය, චීනය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මේ අතර මාර්තු පළමු දින 5 තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 37,768 ක්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »