Search

ක්වීන්ස්ලන්ඩ් වැසියන් 290,000 ක් අඳුරට යයි

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිණිකොණදිග කලාපයේ පාරිභෝගිකයන් 290,000 කට අධික පිරිසක් විදුලි බලය නොමැති වීම හේතුවෙන් පීඩාවට පත්වී තිබෙනවා.

Eneragex හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පෝල් ජෝර්ඩන් ප්‍රකාශ කළේ කලාපය වෙත බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම හදිසි තත්වය උද්ගත වී ඇති බවයි.

සුළං තත්වයේ වර්ධනයත් සමග කලාපය පුරා ගස් කඩා වැටී තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉදිරි දින කිහිපය තුළද කලාපයේ විදුලි සැපයුමට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට අපේක්ෂා කෙරෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »