Search

ජංගම දුරකතන අංක 86 ක් සොරකම් කළ මෙල්බන් තරුණයා

මෙල්බන් හි Lynbrook ප්‍රදේශයේ පුද්ගලයෙක් ජංගම දුරකතන අංක 86 ක් වෙනත් දුරකතන සමාගමකට Bulk Port කිරීමට උත්සහ කිරීමේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

34 හැවිරිදි මෙම සැකකරු අදාළ අපරාධය සිදු කර ඇත්තේ පසුගිය වර්ෂයේ ජූලි මාසයේදීයි.

මොහු 193 වතාවක් ඒ සදහා උත්සහ කර තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එම ජංගම දුරකතන අංක 86 න් 44 ක් පමණ ඒවායේ හිමිකරුවන්ගේ අවසරයකින් තොරව මෙම අපරාධකරු සාර්ථකව Bulk Port කළ ඇති බවටයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය හදුනාගෙන ඇත්තේ.

මේ හේතුවෙන් අගතියට පත්වූ පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය කටයුතු කරමින් සිටිනවා.

අදාළ අපරාධයට මෙම පුද්ගලයාට වසර 10 ක පමණ සිරදඩුවම් නියම විය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.