
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික බැතිමතුන්ට ස්තූතිය පළකර ඇතැයි වතිකානුව අද නිවේදනය කර තිබෙනවා.
වතිකානුවේ ශාන්ත පීතර චතුරස්‍රයේ ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ විකාශනය වූ මෙම හඬ පටය මීට පෙර පටිගත කරන ලද එකක් බවටයි වාර්තා පළවන්නේ.
කෙසේවෙතත් සති 3 ක් පමණ රෝහල්ගතවීමෙන් පසු කතෝලික ජනතාවට ශුද්ධෝත්තම පාප්වහන්සේගේ හඬ ඇසුණු ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

චතුරශ්‍රයේ සිට තමාගේ සෞඛ්‍ය සඳහා කළ යාක්ඤාවට හදවතින්ම ස්තූතිවන්ත වන අතර දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට හිමි වනු ඇති බවටද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම කන්‍යා මරිය මව් තුමියද ඔබව ආරක්ෂා කරනු ඇති බවයි එතුමන්ගේ නිවේදනයේ සඳහන් වන්නේ.

සිය මව් භාෂාව වන ස්පාඤ්ඤ භාෂාවෙන් සෙමින් අදහස් දක්වමින් ශ්වසන අපහසුතා මධ්‍යයේ ෆ්‍රැරැන්සිස් පාප් වහන්සේ මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
එතුමන්ගේ කටහඬ ඇසීමෙන් චතුරස්‍රය පුරා අත්පොළසන් නාදයෙන් පිරීගිය නමුත් පාප්වහන්සේගේ කථා ස්වරය පිළිබඳ ජනතාව කණස්සල්ලෙන් පසුවන බවයි මාධ්‍ය වාර්තා පළ කරන්නේ.