Search

FIFA ලෝක කුසලානයේ සියවස් සැමරුමට නව වෙනස්කම් රැසක්

පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) පියවර ගෙන තිබෙනවා.

උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම 1930 වසරේදී ආරම්භ වූ අතර, 2030 වසරේ දී ඊට වසර 100ක් සම්පූර්ණ වන බවයි දැක්වෙන්නේ.

2030 වසරේ පාපන්දු ලෝක කුසලානය අප්‍රිකානු රටක් වන මොරොක්කෝව සහ යුරෝපීය රටවල් දෙකක් වන ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එලෙස මහාද්වීප දෙකක රටවල් තුනක් සත්කාරකත්වය දරන ලෝක කුසලාන තරගාවලිය මෙය වනු ඇති.

කෙසේ නමුත් 100 වන සංවත්සරය සැමරීම සඳහා ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේද තරග 3 ක් පැවැත්වීමට ලෝක පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබෙනවා.

2026 පාපන්දු ලෝක කුසලානයද අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, එම තරගාවලියේදීද ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා ඉහළ දමා තිබීමද විශේෂත්වයක්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »