
පවතින සුළි කුණාටු තත්වය හමුවේ Gold Coast හි පදිංචිකරුවෙන් වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව Gold Coast හි වැඩබලන නගරාධිපති Donna Gates ප්‍රදේශවාසීන් වෙත ප්‍රකාශ කර ඇත්තේ තම නිවාසවලින් පිටතට නොයන ලෙසයි.
තවමත් කුණාටු තත්වය නිශ්චිතව අවසන් වී නොමැති බැවින් ප්‍රදේශවාසීන්ට සැළකිලිමත්ව කටයුතු කරන ලෙසටයි ඇය උපදෙස් ලබා දී ඇත්තේ.

ඉදිරියේදී කලාපය වෙත පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් සුළං හමනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම පැය 06 ක කාලසීමාවක් තුළ මිලිමීටර් 255 ක පමණ වර්ෂාතනයක් ලැබෙනු ඇති බවයි කාලගුණ විශේෂඥයින්ගේ අනුමානය වී ඇත්තේ.

මේ හේතුවෙන් කලාපීය ජනතාවට ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට බලධාරීන් විශේෂ උපදෙස් ලබා දී තිබෙනවා.