Search

රුසියාවෙන් හා අමරිකාවෙනුත් යුක්‍රේනයට ප්‍රහාර පිට ප්‍රහාර

රුසියාව යුක්‍රේනයේ බලශක්ති මධ්‍යස්ථානයකට ඊයේ රාත්‍රියේ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එමගින් යුක්‍රේන ප්‍රජාවගේ විදුලි බලශක්තියට මෙන්ම ආයුධ ගබඩාවකට ද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එක්සත් ජනපදය යුක්‍රේනයට යුධ ආධාර හා බුද්ධි තොරතුරු අත්හිටුවීමෙන් දින කිහිපයකට පසුවයි ඩ්‍රෝන යානා මගින් සිදුකළ මෙම මිසයිල ප්‍රහාරය වාර්තා වී ඇත්තේ.

ඉන් නිවාස මෙන්ම පුද්ගලයින් 13 දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.

මේ අතර යුක්‍රේනයට චන්ද්‍රිකා ඡායාරූපවලට ප්‍රවේශවීම අත්හිටුවීමට ඇමරිකාව කටයුතු කිරීමෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමේ හැකියාව අඩු වන බවයි යුක්‍රේන මාධ්‍ය වාර්තා පළවන්නේ.

යුරෝපා සංගමයේ නායකයින් යුක්‍රේනය සන්නද්ධ කිරීමට සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබාදීමට එකඟවී තිබෙනවා.

මේ අතර රුසියාව හා යුක්‍රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් එක්සත් ජනපදයේ සහ යුක්‍රේනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ලබන සතියේදී  සෞදි අරාබියේ පැවැත්වීමට නියමිතයි.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »