Search

දිනෙන් දින ඉහළ යන මෙල්බන් ගිනි අවි තර්ජන

මෙල්බන් හි බේසයිඩ් ප්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුට ගෙන තිබෙනවා.

නීති විරෝධී ගිනි අවි, උණ්ඩ, පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් මෙහෙයුමක් ගෙවුණු සතියේ මෙල්බන් පොලීසිය විසින් සිදුකරනු ලැබුවා.

සෝදිසි කිරීමේදී ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය, කඩු 2 ක් හා උණ්ඩ රැසක්, සොරකම් කරන ලද වාහන අංක තහඩු මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 17 ත් 74 ත් වයස්වල පසුවන්නන් වන අතර ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි මෙල්බන් වාර්තා පවසන්නේ.

අත්අඩංගුවට පත්වූවන් සියලුදෙනා ඉදිරියේදී මෙල්බන් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවදුරටත් මෙවැනි මෙහෙයුම් ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් පොලීසිය දන්වා සිටියා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »