
පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ක්වින්ස්ලඩ් සහ නිව් සවුත්වේල්ස් හි නිවාස 277,000 කට පමණ අද උදෑසන විදුලිය අහිමි වී තිබෙනවා.
ඊයේ රාත්‍රිය වනවිට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය තරමක් දුර්වල වී ඇති අතර ගිනිකොනදිග ක්වින්ස්ලඩ් සහ NSW හි මිලියන 4 කට පමණ තවදුරටත් කුණාටු තත්වය බලපානු ඇති බවයි කාලගුණ විද්‍යා කාර්යංශය කියාසිටියේ.
මේ අතර විල්සන් ගඟේ ජල මටට්ම මේ වනවිට මීටර් 9.4 ක් පමණ ඉහළ ගොස් ඇති අතර නිව් සවුත්වේල්ස් හි ලිස්මෝර් ප්‍රදේශයට ඉහළ ගංවතුර තත්වයක් අපේක්ෂා කරන බව එම කාර්යංශය කියාසිටියා.

එමෙන්ම ගෝල්ඩ් කෝස්ට් වලට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් එහි වැසියන් නිවාස තුළ සිරවී සිටින බවටද වාර්තා වනවා.
මේ අතර NSW ප්‍රාන්තයේ 20,000 ක පමණ ජනතාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ආපදා කළමණාකරණ අංශය කියාසිටියා.

ප්‍රාන්තය තුළ අනතුරු ඇඟවීම් 131 ක් පමණ ලබාදී ඇතැයිද එම ආයතනය පවසනවා.
පසුගිය පැය 24 තුළ හදිසි අනතුරු සේවා 35 ක් සිදුකර ඇති අතර ඉන් වැඩිමනක් ගංවතුර හරහා රිය පැදවූවන්ට බේරාගැනීමට බව ආපදා කළමණාකරණ අංශය සඳහන් කළා.
මේ අතර ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ප්‍රාන්ත දෙකෙහිම ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ අතර පාසල් රැසක් තාවකාලිකව වසා දැමීමට ද සිදුව තිබෙනවා.
අයහපත් කාලගුණ අවදානම හේතුවෙන් බ්‍රිස්බන් ජනතාව හදිසියේ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳසැල් ආශ්‍රිතව දිගු පෝළිම් නිර්මාණය වී ඇති අතර ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතවත් පෝලිම් දක්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.
මේ අතර සුළි කුණාටු තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර පීඩාවට පත් වැඩිහිටියෙකු වෙනුවෙන් ඩොලර් 1000 ක් සහ දරුවෙකු වෙනුවෙන් ඩොලර් 400 ක් ගෙවීමට සූදානම් බවයි අගමැති ඇන්තනී ඇලබනීස් පවසන්නේ.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව මේ වනවිට පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් ගමන් කරන අතර එමගින් මිලිමීටර් 350 ත් 450 ත් අතර වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යංශය අනාවැකි පළ කරනවා.