
නිදන්ගත රෝගාබාධ වලින් පෙළෙන ඔස්ට්‍රේලියානුවන් සඳහා අරමුදලක් සපයන ලෙස කායික විද්‍යාඥයින් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.
ඒ සඳහා “healthy living ” වවුචරයක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඩන්කන් ආම්ස්ට්‍රොන් ඩොලර් 400 ක හෙල්දි ලිවින් වවුචරයක් හඳුන්වාදීම වෙනුවෙන් මැදිහත්වීමට සූදානම් වන අතර රෝගී ඔස්ට්‍රේලියානුවන්ට කායික විද්‍යාඥයෙකු සමග සාකච්ඡා කිරීමට එමගින් හැකි වනු ඇති බව ඔවුන් පෙන්වාදෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඔලිම්පික් ක්‍රීඩක මෙන්ම ව්‍යායාම් හා ක්‍රීඩා විද්‍යාවේ සාමාන්‍යාධිකාරී වන ආම්ස්ට්‍රොන් පැවසුවේ මෙම අරමුදල් වවුචරය මගින් රට තුළ සිටින මිලියන ගණනකට ප්‍රයෝජනවත් වනු ඇති බවයි.
ව්‍යායාම් වෘත්තිකයෙකු හමුවීම, ඔවුන්ගේ ආයුකාලය වැඩිකිරීමට සහ වැඩිකලක් රෝහලෙන් බැහැරව තබාගැනීමට මෙමගින් හැකිවනු ඇති බවයි ඔලිම්පික් ක්‍රීඩක ඩන්කන් ආම්ස්ට්‍රොන් වැඩිදුරටත් කියාසිටියේ.
