Search

2026 වසරේ Work Visa වැඩියෙන්ම ලබාදෙන රටවල් ලැයිස්තුව නිකුත් කෙරේ

2026 වසරේදී රැකියා වීසා සඳහා වැඩියෙන්ම අවසර දෙන රටවල් අතරට ඔස්ට්‍රේලියාවද ඇතුලත් වී තිබෙනවා.

පුහුණු ශ්‍රමිකයන් වෙනුවෙන් විදේශිකයන් ආකර්ෂණය කරගැනීමට අදාළව එක් එක් රටවල පවතින නීති පිළිබඳ සලකා බැලීමෙන් පසුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

2024-2025 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාව පුහුණු ශ්‍රමිකයන් සදහා වෙන්කර තිබූ කෝටාව 150,000 ක්.

කෙසේ වෙතත් මෙම කාලසීමාවට අදාළව 185,000 කට පමණ ඔස්ට්‍රේලියාව පුහුණු ශ්‍රමික වීසා නිකුත් කර ඇති බව සදහන්.

තාවකාලික පුහුණු ශ්‍රමික වීසා යටතේ සිටින්නන් සඳහා ස්ථිර පදිංචිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය මේ වනවිට විධිමත් අයුරින් වෙනස් වෙමින් පවතින බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ වැඩිපුරම ප්‍රතිලාභ ලබන වෘත්තිකයන් ලෙස සැලකෙන්නේ සෞඛ්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ විද්‍යාඥයින් සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් බව සදහන්.

2026 වසරේදී වැඩිම රැකියා වීසා ලබාදෙන අනෙක් රටවල් ලෙස මෙම වාර්තාවට ඇතුලත් කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය සහ එක්සත් රාජධානියයි.