
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාසල් දරුවන්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයකට උදෑසන ආහාරය මඟ හැරෙන බවට අනාවරණය වී තිබෙනවා.
මේ පිළිබඳව හදුනාගෙන ඇත්තේ සහකාර මහාචාර්ය Tess Gregory විසින් මෙහෙයවන ලද නවතම පර්යේෂණයක් ඔස්සේයි.
ඒ අනුව ප්‍රාන්ත පාසල් ළමුන්ගෙන් සියයට 10 ක් පමණ නිරතුරුව සිය උදෑසන ආහාර වේල ලබා නොගන්නා බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

මෙය එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහිද විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා.
දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් දියුණු කිරීම උදෙසා උදෑසන ආහාරය ඉතාමත් වැදගත් වන බවයි මෙම පර්යේෂණය ඔස්සේ පෙන්වා දෙන්නේ.

පර්යේෂකයින් ප්‍රාන්ත රජය සමඟ එක්ව ප්‍රාන්තය පුරාම දරුවන්ගේ උදෑසන ආහාර චර්යාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කරමින් සිටින බව ද වැඩිදුරටත් සදහන් වනවා.