
මෙල්බන් මෙට්‍රෝ උමං ව්‍යාපෘතිය සදහා කුලී පදනම මත ශ්‍රමිකයන් ලබා දෙන සමාගමක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ව්‍යාජ ලෙස වැඩ මුර සකස් කරමින් මුදල් වංචා කර ඇති බවටයි මෙම සමාගමට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.
වික්ටෝරියා රජය ප්‍රකාශ කළේ එල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින් CFMEU නියෝජිතයන් දෙදෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

ව්‍යාපෘති සදහා කුලී ශ්‍රමිකයන් ලබාදෙන MC Labour සමාගමේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් මීට පෙර වාර්තා කර තිබුණා.
වසර ගණනාවක් තිස්සේ මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන්නට ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

කෙසේ වෙතත් තවමත් මෙහි විමර්ශන කටයුතු නිල වශයෙන් අවසන් වී නැහැ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් MC Labour සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක Mark Lunedei ප්‍රකාශ කර ඇත්තේ අදාළ විමර්ශන කටයුතුවලදී සමාගමේ බලධාරීන් සමඟ එක්ව කටයුතු කරන බවයි.