
නිවර්තන සුළි කුණාටු ඔස්ට්‍රේලියා භූ දර්ශනයට ඉතාමත් සමීප බවට කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ දිනවල ක්වීන්ස්ලන්ඩ් සහ උතුරු නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්ත වෙත බල පැවැත්වෙන ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවේ බලපෑම් එල්ල වී තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව 1971 වර්ෂයේදී DORA සුළි කුණාටුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා.

1972 වසරේදීද DAISY සුළි කුණාටුව කලාපය වෙත පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
ඊට අමතරව 1974 වර්ෂයේදී WANDA සහ ZOE යන සුළි කුණාටු ද්විත්වයෙන් ද කලාපය වෙත දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් 1990 වසරේදී පැමිණි NANCY සුළි කුණාටුව කලාපයේ ගොඩබිම් ප්‍රදේශ වෙත පැමිණ තිබුණේ නැහැ.
කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ද මෙම නිවර්තන සුළි කුණාටු සමූහයේ එක් දිගුවක් වන බවයි.