
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමා පාඨය වී ඇත්තේ ““For ALL women and girls : Rights, Equality and Empowerment” (සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම) යන්නයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 1977 වසරේ මාර්තු මස 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කාන්තා දිනයට සමගාමීව වික්ටෝරියා ප්‍රාන්තය තුළද විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි දැක්වෙන්නේ.
ඕනෑම වයස් කාණ්ඩයක, ආබාධිත මට්ටමක සිටින සියලු කාන්තාවන් සහ ගැහැණු ළමුන් වෙනුවෙන් සමානාත්මතාවයෙන් යුතුව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔස්ට්‍රේලියා මානව හිමිකම් කොමිසම සහතික වනවා.

එම කොමිසම විසින් රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩවයෙන් පීඩිත කාන්තාවන් වෙනුවෙන් තිරසාර අරමුදලක් වෙන්කරන ලෙසයි.
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සියලුම කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සුරැකීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ලෙසද ඔස්ට්‍රේලියා මානව හිමිකම් කොමිසම ඉල්ලීමක් සිදු කර තිබෙනවා.