
ඉදිරි ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
කෙසේ වෙතත් අද (07) මාධ්‍ය නාලිකාවක් සමඟ අදහස් හුවමාරු කරගත් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කළේ එළඹෙන අප්‍රේල් 12 වනදා ෆෙඩරල් මැතිවරණය පැවැත්වීමට තීරණයක් ගෙන නොමැති බවයි.
මෙවර සති අන්තයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත් කරනු ඇතැයි දේශපාලන විචාරකයන්ගේ අනුමානය වී තිබුණා.

ක්වීන්ස්ලන්ඩ් , නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට මේ වනවිට බලපැවැත්වෙන ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි ෆෙඩරල් මැතිවරණයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව ද වැඩිදුරටත් සදහන් වනවා.