Search

Community එකේ නමක් දිනාගත් පුද්ගලයෙකු ලිංගික අතවර 13 ක් නිසා හිර ගෙදරට

සිඩ්නි හි දරුණුතම ස්ත්‍රී දූෂකයෙකු ලෙස සැළකෙන බාලේෂ් ධන්කාර් නම් ඉන්දීය ජාතිකයාට අද දිනයේදී වසර 30 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

ඒ කොරියානු කාන්තාවන් 05 දෙනෙකු දරුණු ලෙස දූෂණය කිරීමේ වරද මත පදනම්වයි.

මෙම පුද්ගලයා ව්‍යාජ රැකියා දැන්වීම් පළ කර එම කාන්තාව තම නිවස වෙත ගෙන්වා ගෙන ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

පසුව එම කාන්තාවන්ට මත්ද්‍රව්‍ය ලබාදී බලහත්කාරයෙන් දරුණු ලිංගික හිංසනයන් සිදුකර තිබෙන අතර එම ක්‍රියාකාරකම් මෙම පුද්ගලයා විසින් රූගත කර තිබෙනවා.

බාලේෂ් ධන්කාර් 2006 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ ශිෂ්‍ය වීසා හරහායි.

පසුකාලීනව මෙම පුද්ගලයා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගම් රැසක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

2018 වසරේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන තෙක් ඔස්ට්‍රේලියාවේ සිටින ඉන්දීය ප්‍රජාව අතර විශාල ජනප්‍රියත්වයක් දිනා ගත් චරිතයක් වීම ද විශේෂත්වයක්.

2023 වර්ෂයේදී මෙම පුද්ගලයා ලිංගික අතවර චෝදනා 13 ක් ද සමගින් සමස්ත වැරදි 39 කට වරදකරු බවට පත් කර තිබෙනවා.

බාලේෂ් ධන්කාර්ගේ සිර දඩුවම් අවසන් වනවිට ඔහුගේ වයස අවුරුදු 83 ක් පමණ වන බවටයි ගණන් බල ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

කැනඩාවේ අධිකරණ ඇමති ධූරයට ලාංකික සම්භවයක් සහිත අයෙක්

කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී තේරිපත් ව තිබෙනවා.

Read More »