
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව උණුසුම් තත්වයක් ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පැවති අරගලය, ආර්ථික අර්බුදය සහ පාස්කු ප්‍රහාරය ආදී මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා.
අල්ජසීරා මාධ්‍යවේදියා නැගූ ඇතැම් ප්‍රශ්න සඳහා රනිල් වික්‍රමසිංහ දැඩි ස්වරයෙන් පිළිතුරු ලබාදී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ අසාර්ථක බවට කතෝලික ආගමික නායකයන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ජසීරා මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කමිටුවේ නිගමනය පිළිගැනීමට කාදිනල් හිමිපාණන් අකමැති බවයි.
ප්‍රහාරය පිටුපස බාහිර පාර්ශවයක් සිටින බව කතෝලික රදගුරු සංගමයේ අදහසයි.

කෙසේ වෙතත් කමිටු නිර්දේශය පිළිගැනීම පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් වන අතර එය කාදිනල් හිමිපාණන්ට අදාල දෙයක් නොවන බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.
මේ අතර 2022 වසරේ අරගලයේදී නීතිය හා සාමය රැක ගැනීමට අවශ්‍ය ඕනෑම ක්‍රියාවක් සිදුකරන්නැයි ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේ දැයි රනිල් වික්‍රමසිංහගෙන් මෙහිදී විමසීමක් කෙරුණා.
ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ ජනාධිපතිවරයා ලෙස තමන් පත්වූ විට රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පියවර ගත් බවයි.
කැරළිකරුවන් පාර්ලිමේන්තුව අත්පත්කර ගැනීමට උත්සහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සදහන් කළා.