Search

ඔස්ට්‍රේලියාවේ ලොකුම බැංකුව දුර දිග නොබලා ගන්න යන තීරණය

Commonwealth බැංකුව එහි තාක්ෂණ අංශයේ සේවයේ නියුතු වෘත්තිකයන් 164 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගියදා දැවැන්ත වාර්ෂික ලාභයක් අත්කර ගත් බැංකුවේ මෙම තීරණය සම්බන්ධයෙන් Finance Sector Union සිය විරෝධය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

බැංකු පාලනාධිකාරියේ මෙම තීරණයට හේතුව කුමක්ද යනවග හෙළි කළ යුතු බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

රට තුළ කුසලතාවලින් පරිපූර්ණ සේවක හිඟයක් පවතින පසුබිමක Commonwealth බැංකුව විසින් ගෙන ඇති මෙම අදූරදර්ශී තීරණය කෙරෙහි පාර්ශව රැසකින් දැඩි විවේචන එල්ල වී තිබීම ද විශේෂත්වයක්.

මේ වනවිටත් Commonwealth බැංකුව තුළ තාක්ෂණික ක්ෂේත්‍රයේ තනතුරු 400 ක පමණ පුරප්පාඩු පවතින බව ද වැඩිදුරටත් සදහන් වනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »