
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු කලාපයේ වෙරළ තීර නැරඹීමට යාමෙන් වළකින්නැයි ක්වින්ස්ලන්ඩ් අග්‍රාමාත්‍ය ඩේවිඩ් ක්‍රිසෆුලි ජනතාවට අනතුරු අඟවනවා.
සුළි කුණාටු තත්වය හේතුවෙන් මුහුදු වෙරළේ සුදු පෙණ සමග පවතින ආකර්ෂණය නිසා බොහෝ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද වෙරළ නැරඹීමට යන බවයි වාර්තා පළවන්නේ.
මේ හේතුවෙන් ආපදා අනතුරු ඇඟවීම් නොතකන පුද්ගලයින්ට ඩොලර් 16,100 ක දඩයක් නියම කිරීමට සිදුවන බවයි Gold Coast නගර සභාව පවසන්නේ.

මෙය මුහුදු වෙරළ නැරඹීමේ අවස්ථාව නොවන හෙයින් බුද්ධිමත්ව වගකීමෙන් කටයුතු කරන ලෙස ක්වින්ස්ලන්ඩ් අග්‍රාමාත්‍යවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව මේ වනවිට ඔස්ට්‍රේලියා වෙරළ තීරය හරහා ගමන් කරමින් සිටින අතර දැඩි සුළං මෙන්ම අධික වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා කාර්යංශය පවසන්නේ.

සුළි කුණාටුව තත්වය හේතුවෙන් ගෝල්ඩ් කෝස්ට් මෙන්ම උතුරු නිව් සවුත්වේල්ස් ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීම් සිදුව ඇති බවද ඔස්ට්‍රේලියා ආපදා අංශය සඳහන් කළා.