Search

ආයුධ සන්නද්ධව වික්ටෝරියා ගුවන් යානයකට තරුණයෙක් කඩා වදියි

ගිනි අවියක් සහිතව වික්ටෝරියා ගුවන් යානයකට ගොඩවූ තරුණයෙකු අත්අඩංගුට ගැනීමට එහි නියමුවන් ඇතුළු නිළධාරීන් සමත්ව තිබෙනවා.

සිඩ්නි බලා ගිය Jetstar ගුවන් යානයකදී සිදු වූ සිදුවීමෙන් ඊයේ Avalon ගුවන් තොටුපළේ දී මෙම 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැණුනා.

ගුවන් යානයේ සිටි මගියෙකු පැවසුවේ මෙම තරුණයා ගුවන් යානය පැහැර ගැනීම සඳහා ගිනි අවියක් සමග ගුවන් නියමු කුටියට යෑමට උත්සහ කළ බවයි.

පසුව යානයේ සිටි නිළධාරීන් එක්ව ඔහුව කඩිනමින් මර්දනය කර තිබෙනවා.

එම අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 160 දෙනෙකු සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර තරුණයාට අයත් බෑග් දෙකක් ද බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් සෝදිසියකට ලක්කර තිබුණා.

ගිනි අවියක් සන්තකයේ තබාගැනීම, ගුවන් යානයක ආරක්ෂාව අනතුරේ දැමීම, බෝම්බ බියක් ඇති කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන්, මේ වනවිට මෙම තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

කැනඩාවේ අධිකරණ ඇමති ධූරයට ලාංකික සම්භවයක් සහිත අයෙක්

කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී තේරිපත් ව තිබෙනවා.

Read More »