Search

Panda Mart සුපිරි වෙළඳ සැලට රජයෙන් අවවාදයක්

මෙල්බන් හි සුපිරි වෙළඳ සැලක භාණ්ඩ දහස් ගණනක් ඉවත් කිරීමට වික්ටෝරියා පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Cranbourne ප්‍රදේශයේ පිහිටි Panda Mart ජනප්‍රිය සුපිරි වෙළඳ සැලේ භාණ්ඩ රැසකට ලබාදෙන වට්ටම් හේතුවෙන් මේ දිනවල පාරිභෝගිකයින් රැසක් එහි පිරී සිටිනවා.

සෙල්ලම් බඩු, ගෘහ භාණ්ඩ හා රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරන පැන්ඩා මාර්ට් හි , ඇතැම් නිෂ්පාදන වල ආරක්ෂාව මෙන්ම ප්‍රමිතිය ද අඩු තත්වයක පවතින බවයි වික්ටෝරියා පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.

Button batteries අඩංගු සෙල්ලම් බඩු, බිළිඳන්ට ලබාදෙන කුඩා සෙල්ලම් බඩු (baby rattles) මගින් දරුවන්ගේ ජීවිතවලට හානියක් සිදුවනු ඇතැයි එම ආයතනය චෝදනා කරනවා.

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය නිෂ්පාදන, ජීවිත තර්ජන සිදුකළ හැකි ඇතැම් භාණ්ඩ, නිළධාරීන් විසින් රාක්කවලින් ඉවත් කර ඇති බව ද සඳහන්.

වික්ටෝරියා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂක නිකොල් රිච් පැවසුවේ මහජනතාවට අනතුරු වන දෑ අලෙවි නොකිරීමට ව්‍යාපාරිකයින් වගබලා ගත යුතු බවයි.

එමෙන්ම විශේෂයෙන් ළදරුවන් සහ ළමුන්ට අදාල භාණ්ඩ තෝරා ගැනීමේදී වැඩිහිටියන් ද සැලකිලිමත් විය යුතු බව ඔහු අවධාරණය කළා.

මේ පිළිබඳව අඛන්ඩව විමර්ශනය කරන අතර ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික නීතිය යටතේ ප්‍රමිතීන්ට අනුකූල නොවන නිෂ්පාදන සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 50 දඩයක් අය කළ හැකි බවයි වික්ටෝරියා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියාසිටියේ.

 

 

 

 

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »